දුම්රියටත් කොරෝනා!

0
333

කොළඹ ප්‍රධාන දුම්රිය පාලන කාර්යාලය තුළ කොරෝනා වයිරසය පැතිර යාම නිසා එම කාර්යාලයේ  සේවයට අද දින පැමිණීමට නියමිතව සිට පාලකවරුන් සේවයට වාර්තා කිරීමට අකමැති වීම නිසා නියෝජ්‍ය ගමනා ගමන අධිකාරි සහ සහකාර ප්‍රවාහන අධිකාරිවරුන්ගේ එහි පාලන කටයුතු බාර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

ප්‍රධාන දුම්රිය පාලන කාර්යාලයේ පාලකවරුන් පහකට සහ කාර්යාල කාර්ය සාහායකවරයකුට කොරෝනා වයිසරය ආසාදනය වී ඇතැයි  වාර්තා වෙයි.

කෙසේවුවද කිසිදු ප්‍රමාදයකින් තොරව දුම්රිය ධාවනය කටයුතු සිදු කිරිමට වග බලා ගන්නා බව දුම්රිය  දෙපාර්තමේන්තුව කියයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here