දුම්රිය ගාස්තුත් වැඩිවෙයි ?

0
320

දුම්රිය ගාස්තු වැඩිකිරීමක් සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.


ඒ අනුව නව ගාස්තු ක්‍රියාත්මක වන දිනය පසුව දැනුම් දෙන බව ප්‍රවාහන අමාත්‍යවරයා පවසනවා.

“දුම්රිය ගාස්තු සංශෝධනයකට අපි අනුමැතිය ලබාගත්තා. 29 වෙනිදාට මේ ගාස්තුව අදාළ වෙන්නෙ නෑ. හුඟක් වෙලාවට 30 වෙනිදා ඉඳලා නව ගාස්තුවට තමයි ධාවනය කරන්න සිද්ධ වෙන්නෙ. ඉතාම සුළු ගාණකින් තමයි – දුම්රියේ 3 වෙනි පන්තියේ පළවෙනි කිලෝමීටර් 10ට දැනට තියෙන ගාස්තුව තමයි රු. 1.30ක්. ඒක රුපියල් 2 දක්වා වැඩිවෙනවා. කිලෝමීටර් 10ටම යන්න ගත්තොත් රු. 20ක් තමයි ගාස්තුව වෙන්නෙ”

අමාත්‍ය දිළුම් අමුණුගම මහතා මේ බව පැවසුවේ ඊයේ (28) පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here