දුම්රිය ධාවනයටත් බාධා අයහපත් කාලගුණය නිසා බලපෑමි

0
310

අයහපත් කාළගුණය නිසා දුම්රිය මාර්ග වල ස්ථාන කිහිපයකට පස් කඳු කඩා වැටීම් සහ ජලයෙන් යටවීම හේතුවෙන් බාධා එල්ල වී තිබෙනවා.

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයටද පොල්ගහවෙල ආසන්නයේදී බාධා එල්ල වී තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කලේ රඹුක්කන දුම්රිය ස්ථානය ආසන්නයේ නාය යාමක් හේතුවෙන් දුම්රිය මාර්ගයට තරමක හානියක් සිදුවී ඇති බවයි. හලාවත මාර්ගයේ කොළඹ සිට බංගදෙණිය දක්වා පමණක් දුම්රිය ධාවනය සිදුකරනු ලබන්නේ එම ස්ථානයෙන් ඔබ්බට දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here