Saturday, September 21, 2024

දුම්රිය නියාමකවරුන්ට කොවිඩි ආසාදනය වීම නිසා දුම්රිය ගමන්වාර 14 ක් අවලංගු කෙරේ

දුම්රිය නියාමකවරුන් කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් දුම්රිය ගමන්වාර 14 ක් අද (31) අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව මුහුදුබඩ මාර්ගයේ දුම්රිය දෙකක් අවලංගු කර තිබෙනවා. පුත්තලම මාර්ගයේ දුම්රිය 03 ක් සහ කැලණිවැලි මාර්ගයේ දුම්රිය දෙකක් ද ඊට අයත්. උතුරු මාර්ගයේ කුරුණෑගල දක්වා ධාවනය වන දුම්රිය ද ඇතුළුව දුම්රිය 14 ක් අද දිනයේදී  අවලංගු කිරීමට සිදුව ඇත.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 06 ක්
මුහුදු බඩ මාර්ගයේ සහ කැලණිවැලි මාර්ගයේ දුම්රිය 04 ක්,පුත්තලම මාර්ගයේ දුම්රිය 03 ක්,උතුරු මාර්ගයේ කුරුණෑගල දක්වා ධාවනය වන දුම්රිය ද අවලංගු වනු ඇත.

මරදාන දුම්රිය ස්ථානායේ නියාමකවරුන් 05 දෙනෙකුට කෝවීඩ් ආසාදනය වී ඇති අතර 14 දෙනෙකු ආශ්‍රිතයන් වී සිටිනවා.

මාතර, හලාවත,පොල්ගහවෙල, මහව, නුවර, නාවලපිටිය, අනුරාධපුරය, මඩකලපුව සහ අලුත්ගම යන දුම්රිය ස්ථානවලට අනුයුක්ත නියාමකවරුන් රැසක් කෝවිඩ් ආසාදනය සහ ආශ්‍රිතයන්වී ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසනවා. මේ නිසා විශේෂයෙන් කොළඹ කොට්ඨාසයේ ධාවනය වන දුම්රියන් සදහා නියාමකවරුන් යෙදවීමට නොහැකිවීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය 06 ක් අවලංගු කර ඇති බව ඔහු පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles