Tuesday, September 24, 2024

දුම්රිය ප්‍රවෙිශ පත්‍ර ගාස්තුත් ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය ලැබෙයි

අවම මට්ටමකින් හෝ ඉදිරියේදී දුම්රිය ගාස්තු සංශෝධනය සිදුකිරීම සඳහා කැබිනට් මණ්ඩලය අවසර දුන් බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කර සිටිනවා. 

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු පැවැසුවේ අවම වශයෙන් ඩීසල් වියදමත් පියවා ගැනීමේ අරමුණින් මෙම මිල වැඩි කිරීම සිදුවන බව ඔහු පැවැසීය.

බස් ගාස්තුවෙන් තුනෙන් එකකටත් වඩා අඩු මුදලක් දුම්රිය ගාස්තු ලෙස අයකරන බවත් එයිනුත් තුනෙන් එකක් වැනි මුදලක් වාර ප්‍රවේශපත්‍ර වෙනුවෙන් අය කරන බවත් ඔහු පැවැසීය.

දුම්රිය ගාස්තු ඉහළ නොදැම්මොත් දුම්රිය දෙපාර්තමේන්තුවට ඉන්ධන සපයා ගැනීම වෙනුවෙන් හෝ මුදල් සොයාගැනීමට නොහැකි වනු ඇති බවත් ඔහු පැවැසීය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්ධන වියදම එම දෙපාර්තමේන්තුව විසින් දරණ බවත් අනෙකුත් වියදම් රජය විසින් දරණ බවත් ඔහු පැවැසීය.

“ඉතාම සහනදායි මිලකට තමයි දුම්රිය ප්‍රවාහනය සපයන්නේ. බස් ගාස්තුවෙන් තුනෙන් එකකටත් අඩු ප්‍රමාණයක් තමයි දුම්රිය ගාස්තුව හැටියට සැලකෙන්නේ. එකේ සීසන් එක ගත්තහම තුනෙන් එකෙනුත් තුනෙන් එකක් තමයි සීසන් ගාස්තුව ලෙස සලකන්නේ. සීසන්හිමියන් තමයි මේකේ වැඩිපුරම ගමන් කරන්නේ. නමුත් මේ වතාවේ දී රු 55ක පමණ මුදලකින් ඩීසල් මිල ඉහළයෑම නිසා අපිට මෙතෙක් රජයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ පඩි සියල්ල ලබලා දුන්නත් ඉන්ධන වියදම දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දරමින් සිටියා. මේ තත්ත්වය යටතේ යම් මිල සංශෝධනයකට නොගියොත් දුම්රිය දෙපාර්තමේන්තුවට ඉන්ධනවල වියදම පවා කරන්න බැරිවෙන නිසා.

තවම තීන්දු කරලා නැති වුණත් යම් ප්‍රමාණයකින් අවම වශයෙන් ඉන්ධන මිල පමණක් හෝ ගෙවා ගැනීමට සරිලන ආකාරයෙන් දුම්රිය ගාස්තු ඉදිරියේ දී සුළු සංශෝධනයකට ලක්කිරීමට නියමිතව තිබෙනවා. ඊයේ දිනයේ දී කැබිනට් මණ්ඩලය ඒ සඳහාත් පුර්ව අනුමැතිය ලබාදුන්නා යම් අවම මට්ටමකින් දුම්රිය ගාස්තුත් සංශෝධනය කිරීම සඳහා.”

මේ තත්වය යටතේ මිල සංශෝධනයකට නොගියොත් වැය වන ඉන්ධන මිලවත් දරාගන්න දුම්රිය දෙපාර්තමේන්තුවට බැරි වෙනවා. ගාස්තුව තවම තීරණය කරලා නැති වුනත් යම් ප්‍රමාණයකින් දුම්රිය ගාස්තු සංශෝධනය කරන්න ඊයේ දිනයේදී කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා”යි අමාත්‍යවරයා පවසනවා.

මෙි අතර දුම්රිය නියාමකවරුන් විසින් ආරම්භ කල වැඩ වර්ජනය මේ වන විට අවසන් කර තිබෙනවා

කෙසේ නමුත් දුම්රිය ධාවනය සාමාන්‍ය තත්වයට පත්වීමට පැය කිහිපයක් ගත වනු ඇති බවත් මේ හේතුවෙන් අද(15) ධාවනය වීමට නියමිත දුම්රිය කිහිපයක් ප්‍රමාද වීමට හෝ අවලංගු වීමට ඉඩ තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles