දුම්රිය වර්ජනය අවසන්

0
325

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අවසන් කර තිබේ.

පසුගිය 12 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඔවුන් පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබීය.

ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ මධ්‍යම රාත්‍රීයේ අවසන් කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කළේය.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ දුම්රිය ගමන්වාර 200 ක් පමණ අවලංගු කිරීමට සිදුවු බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

වර්ජනය අවසන් වුවත් ඇතැම් දුම්රිය ධාවනය තවදුරටත් ප්‍රමාද වියහැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here