Friday, October 18, 2024

දුම්රිය ස්ථානාධිපතිවරුන්ට හදිසි අමාරුවක්! අද කෝච්චි නෑ…!

දුම්රිය ස්ථානාධිපතිවරුන් පැය 24 ක හදිසි වැඩවර්ජනයක් අරම්භ කර තිබෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව සිය ඉල්ලීම් වලට මෙතෙක් විසඳුම් නොදීමට විරෝධය පළකරමින් මෙලෙස දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් මෙම වැඩවර්ජනය අරම්භ කර ඇති බවයි එහි සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ.

මෙම හේතූන් නිසා දුම්රිය රැසක් ගමන් වාර අවලංගු වීමට හෝ ප්‍රමාද වීමට ඉඩ ඇති බව ඔවුන් දන්වා සිටිනවා.

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබිය දී  අද (10)දා සිට සේවයට වාර්තා නොකරන සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස්. මුදලිගේ මහතා පවසයි.

Related Articles

Latest Articles