දුමින්ද නාගමුව ශරීර ඇප මත මුදා හැරේ

0
283

අද(4) සවස අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුවට කඩුවෙල දිසා අධිකරණයෙන් ඇප ලබාදී තිබේ.

දුමින්ද නාගමුව මහතා රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබෙනවා.

අද බොරැල්ල, කොටා පාරේ එන්.එම්. පෙරේරා ‌කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුව අවසන්ව පිටව ගිය අතරමග පොලිසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි. ඉන්පසුව ඔහු පොලිසිය විසින් ඔහු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඇප හිමිව ඇත. සිසුජන ව්‍යාපාරයේ විරෝධතාවකදී නීතියේ කන්‍යාව දැක්වෙන කාටුනයක් භාවිත කිරීම හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට කරුණු දක්වමින් කඩුවෙල පොලිසිය කළ ඉල්ලීමකට අනුව දුමින්ද නාගමුව ඇතුලු පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක් නිකුත් කර තිබිණි.

එයට අදාළව නිකුත් කර තිබූ වරෙන්තුවකට අනුවයි දුමින්ද නාගමුව මහතා අද පස්වරුවේ අත්අඩංගුවට ගැනුණේ.

පෙබරවාරි 02 වනදා ඔහු යළි අධිකරණයට කැදවා ඇති බව පොලිසිය සදහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here