දුමින්ද සිංගප්පූරුවට රැගෙන යන්නෑ

0
341

මරණ දණ්ඩනය නියම වී ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගෙනයාමට ඔහුගේ පවුලේ උදවිය සැලසුම් කරන බවට වන වාර්තා අසත්‍ය බව දුමින්ද සිල්වාගේ ෆේස්බුක් ගිණුමට ඔහුගේ සහෝදරිය වන දිලිනි සිල්වා සටහනක් එක්කරමින් සඳහන් කරයි.

එසේම බන්ධනාගාර රෝහලේ සිට ඔහුව ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ගෙන ආවේ ඔහුගේ හිසට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පසුව ඔහුට ශ්‍රී ලංකාවේ පළමු සැත්කම කළ වෛද්‍ය මහේෂි ජයවර්ධනපුර රෝහලේ පමණක් සේවය කරන හෙයින් බව ද ඇය සිය සටහනෙන් පැහැදිලි කරයි.

දුමින්ද සිල්වා ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගෙනයෑමට උත්සාහ කරන බවට තොරතුරු වාර්තා කරනේ ජනතාව නොමග යැවීමට බවත් ඇය සිය සටහනින් වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here