දුමින්ද සිල්වා ජාතික රෝහලට

0
330

මරණ දඬුවම නියමවී වැලිකඩ බන්ධනාගාරයේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වමනය සහ බඩේ රුදාව හේතුවෙන් ඊයේ (28) අලුයම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. පෙරේදා (27) රාත්‍රියේ සිට ඔහු මේ රෝගී තත්ත්වයන් පෙන්නුම් කර ඇති අතර, බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකු කළ පරීක්ෂාවකින් පසු දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ සිට දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ.

දුමින්ද සිල්වා සඳහා ජාතික රෝහලේ පොලිස් ආරක්ෂාව ද දැඩි කර තිබේ.

බන්ධනාගාර රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට දුමින්ද සිල්වා තමාට අත්හිරිවැටීමක් ද ඇතැයි බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ට පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here