දුමිබර රටා කලාල යුනෙස්කෝ සංස්කෘතික උරැමයක් ලෙස පිළිගැනේ

0
421

මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය වන දේශීය උරුමයක් වන දුම්බර රටා යුනෙස්කෝ  සංස්කෘතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත 
අත්කම් , කලාල  සහ කලා නිර්මාණ සදහා එම රටා උපොයෝගී කරගන්නා අතර කෙමෙන් අපට අහිමි වී යන උරුමයක් ලෙසද දැක්විය හැකිය. 

කලාල, අත්කම් සහ කලා නිර්මාණ දුම්බර රටා යටතට අයත් වන බව වාර්තා වේ.

යුනෙස්කෝ සංස්කෘතික උරුම කමිටුවේ 16 වැනි අන්තර් රාජ්‍ය හමුව ලබන 18 වැනිදා දක්වා පැවැත්වේ

හමුවෙි සමාරම්භක උත්සවය පෙරේදා (13) ප්‍රංශයේ පැරිස් නුවර යුනෙස්කෝ මූලස්ථානයේදී පැවැත්වුණු අතර දුම්බර රටා කලාල යුනෙස්කෝ සංස්කෘතික උරුමයක් ලෙස එහිදී පිළිගෙන තිබේ .

රටවල් 184 ක් නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රිකයින් , නියෝජිතයින් ඇතුළු 800කට ආසන්න පිරිසක් ඊට එක්ව සිටින්නේ ඔන්ලයින් ඔස්සේය.

ඒ අනුව එය ප්‍රකාශයට පත් කිරීම අද (15) පැරිස් නුවරදී සිදුකිරීමට නියමිතය.

අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ඒ සඳහා දැනටමත් කටයුතු කර ඇතැයිද ඇය සඳහන් කළේ ය .

එබැවින් දුම්බර රටා සංස්කෘතික උරුමයක් ලෙස නම් කිරීමට යුනේස්කෝ සංවිධානය විසින් යෝජනා කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here