Tuesday, November 26, 2024

දුමිරිය වර්ජනයට මුහුණ දීම සඳහා කෝච්චි ටිකට් ගන්න අලුත් ක්‍රමයක්

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනයට මුහුණ දීම සඳහා දුරකථනය මගින් දුම්රිය ප්‍රවේශපත් වෙන්කර ගැනීමේ ක්‍රමයක් ආරම්භ කිරීමට සැලසුම් කරමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පෞද්ගලික දුරකතන සේවා සැපයුම් ආයතනයක් සම මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවත් එම ක්‍රමය ආරම්භ කළහොත් එය අනාගතයටත් වඩාත් ප්‍රයෝජනවත් වනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ගැටළු සඳහා විසඳුම් ලබා නොදීම හේතුවෙන් තෙල්, සිමෙන්ති සහ තිරිඟු පිටි ප්‍රවාහන කටයුතුවලින් ද ඉවත්වීමට දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර තිබෙනවා.

මේ අතර, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 20ක පමණ අලාභයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

දුම්රිය ස්ථානාධිපති සංගමය සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතව ඇත.

දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කළේ අදාළ සාකච්ඡාවෙන් සිය ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමුවන බවය.

කෙසේ වෙතත් සිය වෘත්තීයට අහිතකර වන අකාරයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට බලධාරීන් කටයුතු කළහොත් තමන්ද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව දුම්රිය එන්ජින් රියදුරු සංගමය සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles