දුරකථන, අන්තර්ජාල බදුවලට එරෙහිව තරුණයෝ පාරට බසිති

0
368

දුරකථන සහ අන්තර්ජාල ගාස්තු මත පනවන ලද අසාධාරණ වැට් බදු ඉවත් කර ලෙස ආණ්ඩුවට බලකරමින් සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කළ විරෝධතාවයක් අද (08) ප.ව. 4.00ට කොළඹදී පැවැත්වීමට නියමිත බව එම සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතාගේ අත්සනින් නිකු කර ඇති නිවේදනයක සඳහන් වේ.

වර්තමාන ආණ්ඩුව විසින් මෑතකාලීනව පනවන ලද බදු සංශෝධන හේතුවෙන් ජනතාව ඉමහත් ගැටලුවකට මුහුණ පා ඇති බවත් විශේෂයෙන්ම දුරකථන සහ අන්තර්ජාල ගාස්තු මත පනවන ලද අසාධාරණ වැට් බදුබර හේතුවෙන් අප රටේ තාරුණ්‍යයද ගැටලු රැසකට මුහුණ පා ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here