දුර්දාන්ත ආණ්ඩුව පලවා හැර ජනතාවාදී පාලනයක් වෙනුවෙන් සියලු දෙනා එක්ව සාකච්ඡා කළ යුතුයි

0
257

ජනාධිපති කවුදැයි තනතුරු වෙනුවෙන් පොර අල්ලනවාට වඩා ඉදිරි මැතිවරණ වෙනුවෙන් විපක්ෂයේ පක්ෂවල වට මේස සාකච්ඡාවක් අවශ්‍ය කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න පවසයි.

ඊළඟ ජනාධිපතිවරයා රාජිතද, සජිත්ද, පාඨලීද, අනුරද කියා ජනතාවට වැඩක් නැති බව මේ සියලු දෙනා තේරුම් ගත යුතු යැයි ඔහු සඳහන් කරයි .

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා ඇත.

හිසරදයට කොට්ටය මාරු කරනවා වෙනුවට දුර්දාන්ත ආණ්ඩුව පලවා හැර ජනතාවාදී පාලනයක් වෙනුවෙන් සියලු දෙනා එක් ස්ථානයක සිට සාකච්ඡා ආරම්භ කළ යුතුව ඇතැයිද  ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here