Monday, September 23, 2024

දුෂ්කර ප්‍රදේශවලට සේවා පත්වීම් ලබන වෛද්‍යවරුන් වසර 4ක් එම රෝහල්වල සේවය කළ යුතුයි – සෞඛ්‍ය ඇමති

දුෂ්කර ප්‍රදේශවලට සේවා පත්වීම් ලබන වෛද්‍යවරුන් වසර 4ක් එම රෝහල්වල සේවය කළයුතු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

දුෂ්කර ප්‍රදේශවල රෝහල්හි සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීමේ අරමුණින් එම රෝහල් සඳහා වෛද්‍ය නිල නිවාස දහසක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවද ඔහු පැවසීය.

ඒ අනුව ඉදිරි වසර 2 තුළ එම වැඩසටහන සම්පූර්ණයෙන්ම ක්‍රියාවට නැංවීමට නියමිතය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දුෂ්කර ප්‍රදේශවල නිල නිවාස පහසුකම් ලබාදීම තුළින් වෛද්‍යවරුන්ට තෘප්තිමත් සේවයක් සිදු කළ හැකි බවය.

ඉදිරියේදී එන විනෝදකාමී සමයත් සමග පවත්වන උත්සවයන් කුමන ආකාරයකට සිදු කරන්නේද යන්න පිළිබඳව සාකච්ඡා කරමින් තීන්දු ගනිමින් කොවිඩ් පාලනය කරන බවද අමාත්‍යවරයා පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles