දූෂණ විරෝධී කාර්යාලය අඛණ්ඩව

0
312

දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය (Anti – Corruption Committee Secretariat – ACCS) අඛණ්ඩව පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

බරපතළ වංචා සහ දූෂණ සම්බන්ධ පැමිණිලි බාරගැනීම හා ඒවා සම්බන්ධයෙන් වන විමර්ශනයන්ට පහසුකම් සැලසීම පිණිස දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය (ACCS)අමාත්‍ය මණ්ඩල තීරණයක් මගින් 2015 වර්ෂයේදී ස්ථාපිත කෙරිණි.

දූෂණ විරෝධී නව ආයතනික ව්‍යුහයක් හඳුන්වාදෙන තුරු දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ මෙහෙයුම් කටයුතු වර්තමාන ස්වරූපයෙන්ම අඛණ්ඩව පවත්වාගෙන යාම පිණිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here