දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම සඳහා අවශ්‍ය බලය බෙදාහැරීමක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්

0
278

ඉදිරි මාස කිහිපය තුළ එළිදක්වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම සඳහා අවශ්‍ය බලය බෙදාහැරීමක් අන්තර්ගත වනු ඇති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඉන්දියාවේ දී පවසා තිබෙනවා. අමාත්‍යවරයා මේ බව කියා ඇත්තේ සිය ඉන්දීය තෙදින නිල සංචාරය අතර තුර ‘ද හින්දු’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමිනි.

“ප්‍රධාන වගකීම පැහැදිලිවම ශ්‍රී ලංකාව සතු වෙනවා. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ මූලික වශයෙන් ශ්‍රී ලංකා රජය සමඟ සම්බන්ධ විය යුතුයි. මේ වන විට පුළුල් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අභ්‍යාසයක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඉදිරි මාස දෙක ඇතුළත සූදානම් කර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන කෙටුම්පතක් සකස් කරමින් සිටින විද්වත් කමිටුවක්ද තියෙනවා. බලය බෙදා හැරීම පිළිබඳ මෙම තත්ත්වය එම කෙටුම්පතෙහි නිසැකව අවධානය යොමු කරනු ලබන එක් කරුණකි. නමුත් කුමක් කළත් රට තුළ ප්‍රමාණවත් සම්මුතියක් ඇති කර ගත යුතුයි.

දන්නා පරිදි විශාල ප්‍රතිරෝධයක් අත්විඳින්නේ නම් එය භූමියේ ක්‍රියාත්මක කිරීම දුෂ්කර වනු ඇති. එනිසා කාලයාගේ ඇවෑමෙන් සැබවින්ම පවතින විධිවිධාන සම්බන්ධයෙන් අපි සියලු පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර අවබෝධයකට පැමිණීමට උත්සාහ කරනවා”යි විදේශ අමාත්‍යවරයා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here