Sunday, September 22, 2024

දෙමාපියන්ගෙන් දරුවන් වෙන් කිරීමට සැරසෙන ට්‍රම්ප් පාලනය!

මෙක්සිකානු දේශසීමාව හරහා ඇමෙරිකාවට පැමිණෙන සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගෙන දෙමව්පියන්ගෙන් දරුවන් වෙන් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් තමන් ආරම්භ කිරීමට සැලසම් කර ඇති බව ඇමෙරිකා එක්සත් ජනපදයේ දේශීය ආරක්ෂාව පිළිබඳ ලේකම් ජොන් කෙලී ප්‍රකාශ කර තිබේ.

CNN පුවත් සේවයට ඔහු මෙලෙස ප්‍රකාශ කිරීමත් සමග එම ප්‍රකාශයට පක්ෂව හා විරුද්ධව අදහස් ප්‍රකාශ වෙමින් පවතී. පසුගිය ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන මැතිවරණ සටන් පාඨයක් වූයේ තමන් ජනාධිපති ධූරයට පත්වූ පසු ඇමෙරිකාවට ඇතුළු වන සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගන්නා බවයි.

යෝජනා කර තිබෙන මෙම නව ක්‍රමය හරහා අත්අඩංගුවට ගන්න සංක්‍රමණිකයන්ගෙන් දරුවන් වෙන් කර ඔවුන්ට සෞඛ්‍ය හා මානුෂීය සේවා දෙපාර්තමේන්තුව හරහා භාරකරුවකු යටතට පත් කිරීමටත් දෙමව්පියටන්ට එරෙහිව නීති මගින් කටයුතු කර පිටුවහල් කිරීමට හෝ රඳවා තබා ගැනීමට කටයුතු කිරීමට සූදානම් වේ.

ට්‍රම්ප් පාලනයේ මෙම සූදානමට එරෙහිව මෙක්සිකෝවට ආසන්න ටෙක්සාස් ජනපදයේ ඩිමොක්‍රටික් කොංග්‍රස් සභික හෙන්රි කියුලර් ප්‍රකාශ කර ඇත්තේ දෙමාව්පියන්ගෙන් ළමුන් වෙන් කරන මෙම වැඩපිළිවෙලට තමන් විරෝධය පළකරන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles