දෙරට අතර සමීප සබඳතාවට බුදු දහම හේතු වුණා

0
313

සමානාත්මතාවයෙන් සහ සාධාරණත්වයෙන් යුතු සමාජයක් ගොඩනැගීම උදෙසා අඳුර දුරලා ආලෝකය දැල්වීම ජාත්‍යන්තර වෙසක් දින සැමරුමේ දී සියලු දෙනාගේ අදිටන විය යුතු බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

එක්සත් ජාතීන්ගේ 14 වැනි ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උලෙළේ ප්‍රධාන උත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පෙරවරුවේ උත්කර්ෂවත් අන්දමින් පැවත්වුණු අතර එම උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කරමින් ඔහු මේ බව ප්‍රකාශ කෙළේය.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවත්නා සමීපතම සබඳතාවය බුදු දහම බව මෙහිදී පැවසූ ඉන්දීය අගමැතිවරයා, අද ඉන්දීය රජයෙත්, සමාජයේත් අත්‍යාවශ්‍යම අංගයක් බවට බුදු දහම පත්ව තිබෙන බවත්, එය සමාජ උන්නතිය සඳහා උපයෝගි වන බවත් කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම උතුම් වෙසක් මංගල්‍යය සඳහා තමා වෙත ආරාධනා කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා රජය වෙත ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය කෘතවේදිත්වය පළ කෙළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here