දෙවන ප්‍රශ්න පත්‍රය නොදීම නිසා ගම්පහ විභාග ශාලාවක ශාලාධිපති ඇතුළු දෙදෙනෙකුගේ වැඩතහනම් කෙරේ

0
257

ගම්පහ තක්‍ෂිලා විද්‍යාලයේ අපොස උසස් පෙළ විභාගයේ රාජකාරී කටයුතු  භාරව සිටි ශාලාධිපතිවරයෙකුගේ සහ සහකාර ශාලාධිපතිවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ, අදාළ විභාග මධ්‍යස්ථානයේදී චිත්‍ර විෂයට පෙනී සිටි සිසුන් දෙදෙනෙකුට එම විෂයට අදාළ දෙවන කොටසේ ප්‍රශ්න පත්‍රය ලබානොදීම හේතුවෙන්. 

අදාළ විභාග ශාලාව තුළ චිත්‍ර විෂයට පෙනී සිට ඇත්තේ සිසුන් දෙදෙනෙකු පමණක් වන අතර එම සිසුන් දෙදෙනා විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත්තේ තමන්ට අදාළ ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස විභාග ශාලාවේ සිටි නිලධාරීන් ලබානොදුන් බවයි. 

පළමු ප්‍රශ්නයට පිළිතුරු සපයා අවසන් කිරීමෙන් පසු දෙවන ප්‍රශ්න පත්‍රය ලබාදෙන ලෙස විභාග ශාලාවේ සිටි ගුරුවරියකගෙන් ඉල්ලා සිටියද එම ප්‍රශ්න පත්‍රය නොලැබුණු බවටයි එම සිසුන් දෙදෙනා පැමිණිලි කර ඇත්තේ. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශනයකින් පසු අදාළ නිලධාරීන් දෙදෙනාගේ වැඩතහනම් කළ බව විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන   නෙත් නිවුස් වෙත කියාසිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here