දෙවැනි එළිසබෙත් රාජිනියගේ නික්ම යාම

0
335

අභාවප්‍රාප්ත වූ 11වැනි එලිසබෙත් රැජිනගේ අවසන් කටයුතු අද (19) සිදුකෙරේ.

වෙස්ට්මින්ස්ටර් ශාලාවේ තැන්පත් කර තිබු රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනතාවට ලබා දුන් කාලය අවසන් විය.

අවමංගල්‍ය පෙරහැර නැරඹීමට සහ අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය දැකබලා ගැනීමට මේ වනවිටත් විශාල පිරිසක් ලන්ඩන් නගරයට එක්රොක් වී සිටිති.
 
රැජිනගේ දේහය එරට වේලාවෙන් උදෑසන 11ට වෙස්ට්මින්ස්ටර් ඇබී දේවස්ථානය වෙත රැගෙන යාමට නියමිතය.

එහිදී ආගමික කටයුතු සිදුකෙරේ. ඒ සඳහා බ්‍රිතාන්‍ය යේ දේශපාලනඥයින් විදෙස් නායකයින් සහ ආරාධිතයින් විශාල ගණනක් එක්වෙති.

රාජකීය පවුලේ සාමාජිකයන් ද අවමංගල්‍ය පෙරහර සමඟ පා ගමනින් වෙස්ට්මින්ස්ටර් දේවස්ථානය කරා ගමන් කිරීමට නියමිත බව සඳහන් වෙයි.

ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ රාජ්‍ය ගෞරව සහිතව සිදුකෙරෙන රැජිනගේ අවමංගල්‍ය සඳහා දෙස් විදෙස් ආරාධිතයින් 2,000ක් පමණ එක්වන බවය.

අනතුරුව රැජිනගේ දේහය, වින්ඩ්සර් මාලිගය දක්වා පෙරහැරකින් ගෙනැවිත්, වින්ඩ්සර්හි ජෝර්ජ් VI රජුගේ අනුස්මරණ දේවස්ථානයේ තැන්පත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here