දෙවැනි එළිසබෙත් රැජිණ වෛද්‍ය උපදෙස් මත හුදෙකලාවෙයි

0
294

බකිංහැම් මාලිගයේ හදිසි නිවේදනයකට අනුව එළිසබෙත් රැජින වැඩකටයුතු රැසක් අතරමග නතර කොට හෝ අවලංගු කොට විවේක ගැනීමකට යොමුවූ බව දන්වා තිබේ. ඇය “අකමැත්තෙන් හෝ වෛද්‍ය උපදෙස් පිළිගත්තා” යැයි බකිංහැම් මාලිගයේ නිවේදනයේ දැක්වේ.

කෙසේ වෙතත් රැජිනගේ  හෙළි නොකළ අසනීපය “කොවිඩ් හා සම්බන්ධ නොවේ” යැයි වාර්තාවේ.

95 හැවිරිදි රැජිණගේ දීර්ඝ කාලීන සැලසුම් සහිත උතුරු අයර්ලන්ත සංචාරයද අවලංගු කරන බව එමගින් නිවේදනය කළේය.
රැජින පසුගිය දිනවල නවාතැන් ගෙන සිටි වින්ඩ්සර් මාලිගාවේම විවේක ගනු ඇතැයි වාර්තාවේ. අවසන්වරට පසුගිය අඟහරුවාදා සවස පැවති පිළිගැනීමේ උත්සවයකදී අගමැති බොරිස් ජොන්සන්, ඇමරිකානු ජනපතිගේ දේශගුනික නියෝජිත ජෝන් කෙරී සහ බිල් ගෙට්ස් ඇතුළු ව්‍යාපාරික නායකයින් රැසක් මුණැගැසීමට ඇය කටයුතු කළ අතර මුහුණු ආවරණ රහිතව ඔවුන් මුණගැසුණ බවද දන්වා තිබේ.
ග්ලාස්ගෝ හිදී පවත්වන්නට යෙදෙන  එළඹෙන COP26 දේශගුණ සමුළුව ගැන ඇයගේ එකී සාකච්ඡාව විෂය විය.
ඇයට වැළඳී ඇති අසනීප තත්වය හෙළිකිරීම බ්‍රිතාන්‍ය රජ මාළිගාව ප්‍රතික්ෂේප කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here