දෙසැම්බැර් සිට බාහිරින් රුධිරය පරීක්ෂා කිරීම තහනම් – සෞඛ්‍ය ඇමති

0
383

දෙසැම්බර් මාසයේ සිට රජයේ රෝහල්වලට ඇතුළු වන රෝගීන් පෞද්ගලික අංශයෙන් රුධිර පරික්ෂා කිරීමේ ක්‍රමවේදය තහනම් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ රසායනාගාර සේවා ක්‍රියාත්මක සියලුම රෝහල්වලට ලේ පරික්ෂා කිරීමේ යන්ත්‍ර ලබාදීමට කටයුතු කරන බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළුවන රෝගීන්ට පෞද්ගලික අංශයෙන් රුධිර පරික්ෂා කිරීම තහනම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේය.

කෙසේ වෙතත් බාහිර රෝගී ප්‍රතිකාර අංශයට පැමිණෙන රෝගීන් පෞද්ගලික අංශයෙන් රුධිර පරික්ෂා කිරීමේ කටයුතු නතර කිරීමට නොහැකි වී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here