දෙහැවිරිදි දැරිය මරා වළදැමූ නොමිනිස්සු..

0
350

මූණට එකපාරයි ගැහුවේ, ළමයා උස්සගෙන ආවම ඔළුව කඩාගෙන වැටුණා,
පස්සේ මම එහෙන්ම තියලා පපුව තද කළා

අවුරුදු 02ක සිය කුඩා දරුවා අනියම් සැමියා විසින් කොසු මිටකින් ගසා මරා වළ දැමු සිද්ධියකට සම්බන්ධ සැකකාර මව මහියංගන පොලිසිය විසින් පෙරේදා (12දා) දහවල් මහියංගන රිදිමාලියද්ද ප්‍රදේශයේදී අත් අඩංගුවට ගනු ලැබීය.

මෙම සැකකාරියගේ අනියම් සැමියා විසින් මෙම ඝාතනය සිදු කර ඇති අතර ඔහු සමඟ එක්‌ව දරුවාගේ සිරුර අනියම් සැමියාගේ නිවස ආසන්නයේ වළ දැමු බව මහියංගන පොලිසිය විසින් සිදු කරනු ලැබු ප්‍රශ්න කිරීම් හමුවේ සැකකාරිය පාපොච්චාරණය කර ඇත.

ඒ අනුව මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් දරුවා ඝාතනය කළ පුද්ගලයා පාපොච්චාරණයක් සිදුකර ඇති අතර එයා පහතින් දැක්වේ….

මම මූණට එකපාරයි ගැහුවේ, ඒත් එයා සින්දු කිය කිය හිටියා මගෙත් එක්ක, ළමයා උස්සගෙන ආවම ඔළුව කඩාගෙන වැටුණා, පස්සේ මම එහෙන්ම තියලා පපුව තද කළා, පස්සේ උස්සලා ඇඳෙන් තිබ්බා, පස්සේ කොහොමහරි එයාගේ ඇස්දෙක පියවුණා,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here