දේවස්ථානයකට ප්‍රහාරයක් – 30ක් මරුට

0
342

පාකිස්තානයේ දකුණු දිග කලාපයේ පිහිටි සුෆි මුස්ලිම් දේවස්ථානයක පුපුරා ගිය බෝම්බයකට හසු වී පුද්ගලයන් තිස් දෙනෙකු මරුමුවට පත්ව තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ ප්‍රහාරයෙන් හැත්තෑවකට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි.

මරුමුවට පත් පිරිස අතර දරුවන් සහ කාන්තාවන් ද සිටින බව සදහන්.

කරච්චි නුවර උතුරු කලාපයේ පිහිටි නූරානි දේවස්ථානයට පැමිණි බැතිමතුන් පූජා පවත්වමින් නර්තනයේ යෙදෙන අවස්ථාවේ බෝම්බය පුපුරා ගොස් ඇති බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

පාකිස්තානයේ ප්‍රසිද්ධ සුෆි ගායකයකු වූ අම්ජාඩ් සබ්‍රි කරච්චි නුවරදී ඝාතනයට ලක් කොට මාස කීපයකට පසු මෙම ප්‍රහාරය එල්ල විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here