Sunday, November 17, 2024

දේශපාලකයන්ගේ අවශ්‍යතා අනුව සිරකරුවන් නිදහස් කරන්න බෑ – අගමැතිවරයා සති අන්ත පුවත්පතකට පවසයි

මෙවර නිදහස් දිනයේදී සිරකරුවන් නිදහස් කිරීම යටතේ හිටපු පා.ම.රංජන් රාමනායක මහතා නිදහස් කරනු ඇති බවට සමාජ මාධ්‍ය මෙන්ම දේශපාලකයන්ගේ සහ කලාකරුවන්ගේත් බලාපොරොත්තුවක් ඇතිව තිබුණත් ඊයේ (04) දිනයේදී රංජන් රාමනායක නිදහස් කෙරුණේ නැත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ දේශපාලකයන්ගේ අවශ්‍යතා අනුව සිරකරුවන් නිදහස් කළ නොහැකි බවට කළ ප්‍රකාශයක් ඉරිදා දිවයින පුවත්පත වාර්තා කර ඇත.

රන්ජන් රාමනායක මහතා නිදහස් දිනය දවසේ නිදහස් කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් රජයෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් දිවයින පුවත්පත කළ කළ විමසීමකදී අග්‍රාමාත්‍යවරයා එසේ පවසා ඇති බව එහි සඳහන්ව ඇත.

මෙි අතර කලා සංවිධාන රැසක්ද රන්ජන් රාමනායක මහතාට නිදහස ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉල්ලීම් රැසක් ඉදිරිපත් කර තිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles