Friday, January 24, 2025

දේශපාලනඥයින් සමඟ එක්වි ජනතාවට ලබාදිය යුතු සහන ව්‍යාපාරිකයින් කොල්ලකනවා

මෙරට අර්බුදයක් නිර්මාණය වනවිට ඒ තුළින් මුදල් සූරාකන ජාවාරම්කාර ව්‍යාපාරික වළල්ලක් නිර්මාණය වන බවත්, ඔවුන් දේශපාලනඥයන් සහ ඇමැතිවරුන් සමඟ එක්වී ජනතාවට ලැබිය යුතු සහන අතරමැදින් කොල්ලකමින් සිටින බවත්, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (22 දා) පැවසීය.

වත්මන් ආණ්ඩුව සාධාරණ මිලකට හිඟයකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාවට බෙදා දෙන බව කියමින් යාළු මිත‍්‍රාදීන්ට මුදල් ඉපයීම සඳහා අවස්ථා ලබා දෙමින් සිටින බවත් හෙතෙම චෝදනා කළේය.

සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ එම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ල පිහිටි එම පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

‘‘පසුගිය කාලයේ රාජ්‍ය ආයතන ගණනාවක ප‍්‍රධාන නිලධාරීන් ගණනාවක් ඉල්ලා අස්වුණා. තවත් පිරිසක් ආණ්ඩුව විසින් හේතු නොදක්වා ඉවත් කරනු ලැබුවා. අද වන විට පාරිභෝගික කටයුතු අධිකාරියේ ප‍්‍රධාන විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ඉල්ලා අස්වී තිබෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරිය කියන්නේ මෑතකාලීනව සහල් මෝල් වටලෑම, සතොස සුදුලූනු වංචාව, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩිවීම වැනි කාරණාවලදී වැඩි මැදිහත්වීමක් කළ ආයතනයක්.

මේ ආණ්ඩුව රජයේ තනතුරුවලට පත්වීම් ලබා දෙද්දී දේශපාලන මැදිහත්වීම්වලින් තොරව කරගෙන යෑමට දෙන බවත්, සුදුසුකම් අනුව, විද්‍යාත්මක ක‍්‍රමවේද අනුව තනතුරු ලබාදෙන බව කිව්වා. නමුත් ඒ ආයතනවලට සිදු වූ දේශපාලන මැදිහත්වීම් නිසා නිලධාරීන් ගණනාවකගේ ඉල්ලා අස්වීම සිදුවුණා. සුසන්ත රත්නායක මහතා ආයෝජන මණ්ඩල සභාපති ධුරයෙන්, මහින්ද විදානපතිරණ මහතා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙනුත්, ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති ධුරයෙනුත්, ඉෂිනි වික‍්‍රමසිංහ මහත්මිය ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙනුත්, නාලක කළුවැව මහතා රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙනුත්, අනිල් කොස්වත්ත මහතා ලිට්‍රෝ සමාගමේ සභාපති ධුරයෙනුත්, ආචාර්ය ඩබ්. ඞී. ලක්‍ෂ්මන් මහතා මහ බැංකු අධිපති ධුරයෙනුත්, රේණුක පෙරේරා මහතා නිවාස අධිකාරියේ සභාපති ධුරයෙනුත් ආදී වශයෙන් නිලධාරීන් ගණනාවක් ඉල්ලා අස්වුණා. විශේෂඥ වෛද්‍යවරුන් කොවිඞ් කමිටුවලින් ඉල්ලා අස්වුණා. තානාපතිවරුන් ඉල්ලා අස්වුණා”.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles