Friday, January 24, 2025

දේශපාලන කුමන්ත්‍රණවලට බය නෑ-ජනපති

යහපාලන ආණ්ඩුව ගොඩනගා ඇත්තේ දේශපාලන කුමන්ත්‍රණවලට ඔරොත්තු දෙන ශක්තිමත් පදනමක් මත බවත් ඉදිරි පස් වසර නිමා වෙන තෙක් නොසැලී අඛණ්ඩව ගමනක් යෑමට ආණ්ඩුව සියලු අංශවලින් සන්නද්ධ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

සම්මුතිවාදී රජය ඉදිරියටම ගෙන යමින් රට ගොඩනැඟීමට කැපවෙන බව අවධාරණය කළ ජනාධිපතිවරයා 2017 වසරේ දෙසැම්බර් වන විට ආණ්ඩුවෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ගෙන තිබූ තීරණය අවලංගු කර ඉදිරි වසර 5ක්ම සම්මුතිවාදී රජය තුළ සහයෝගයෙන් යුතුව කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් තීරණය කර තිබෙන බව ද අනාවරණය කළේය. ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ දී ඊයේ (30) පැවැති ජංගම සේවය – ජාතික වැඩසටහනට එක් වෙමිනි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 295ක් ආවරණය වෙන පරිදි මසක් පුරා පැවැති ජංගම සේවය සඳහා ජනතා ප්‍රශ්න 42000ක් ඉදිරිපත් වී තිබුණි. ජාතික හැඳුනුම්පත්, උප්පැන්න සහතික, ඉඩම් බලපත්‍ර කෘෂිකර්ම ආදී ප්‍රශ්න හතළිස් දහසකට පිළිතුරු ලබා දීමට රාජ‍්‍ය නිලධාරීන් ක්‍රියා කර තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ නිල කාලය තවමත් ගෙවී නැති බවත් එහෙයින් කෝටි නවයක ණය බරක් සමඟින් ජනතාවට වූ පොරොන්දු නිසි ලෙසම ඉටු කිරීමට යහපාලන රජය කැප වී සිටින බව ද ජනාධිපතිතුමා මෙහි දී අවධාරණය කළේය.

ජනතාවට වූ පොරොන්දු නිසි ලෙසම ඉටු කිරීමට යහපාලන රජය කැප වී සිටින බව ද ජනාධිපතිතුමා මෙහි දී අවධාරණය කළේය. කෝටි නව ලක්ෂයක ණය බර ඇතුළු ආර්ථික අභියෝග සහ අන්තර්ජාතික වශයෙන් එල්ල වූ ප්‍රශ්න හමුවේ හිටපු ජනාධිපතිවරයා සිය ධුර කාලය ඉක්ම යෑමට මත්තෙන් ජනාධිපතිවරණයකට ගිය බවත් අද වත්මන් රජය මුහුණ දී තිබෙන්නේ එම රජය මුහුණදීමට සිටි අභියෝගවලට බවත් මෙහි දී පැවසූ ජනාධිපතිවරයා නිසි රාජ්‍ය ප්‍රතිපත්තින් සහ කළමණාකරනයක් තුළ එම සියලූ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් රටේ ජනතාවට සමෘද්ධිමත් දේශයක් ගොඩ නගා දීමට කැපවන බව ද කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles