Sunday, September 22, 2024

දේශීය කාබනික පොහොර බෙදාහැරීමට සූදානම් !

දේශීයව නිෂ්පාදිත කාබනික පොහොර සහ නයිට්‍රජන් අන්තර් ගත ජෛව පොහොර ගොවීන්ට බෙදා හැරීම සඳහා කටයුතු සූදානම් කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් අජන්ත ද සිල්වා කියා සිටියේ අවශ්‍ය ඉතිරි පොහොර ප්‍රමාණය ආනයනය කෙරෙන බවයි.

ඒ අනුව පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය සඳහා ලොව භාවිතයට ගැනෙන නැනෝ නයිට්‍රජන් ප්‍රභවයක් සහිත විශේෂිත දියර පොහොර ලීටර විසි දෙලක්ෂයක් ඉදිරි දින කිහිපය තුල ලැබීමට නියමිතව තිබෙන බවයි.

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ කියා සිටියේ එහි පළමු පොහොර තොගය ඉන්දියාවේ සිට ලබන අඟහරුවාදා මෙරටට ළඟා වන බවයි.

මේ අතර, කොම්පෝස්ට් ඇතුළු කාබනික පොහොර නිෂ්පාදනය කරන බවට ලියාපදිංචි වී සිටින ගොවීන් සඳහා රුපියල් 7,500 ක දීමනාවක් ලබා දීමේ කටයුතු මේ වන විට අඛණ්ඩව සිදු කෙරෙනවා.

කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ හෙක්ටයාරයකට කාබනික පොහොර කිලෝග්‍රෑම් 500ක ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමෙන් අනතුරුව එම ගොවීන්ට රුපියල් 12,500 දක්වා තවත් රුපියල් 5,500 ක් ලබා දීමට සැලසුම් කර ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles