දෛනිකව වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් මෙන් තුන් ගුණයක් – සෞඛ්‍ය අංශ

0
603

දෛනිකව වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් මෙන් තුන් ගුණයක් පමණ රෝගීන් සමාජයේ සිටින බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක‍ෂ විශේෂඥ වෛද්‍ය ජී. විෙජ්සූරිය මහතා පැවැසුවේ බොහෝ පුද්ගලයින් රෝග ලක‍ෂණ මතු වුවද කොවිඩ් 19 සඳහා වන පරීක‍ෂාවට ලක් නොවීම මීට හේතුව බවයි.


කෙසේ වෙතත් රෝග ලක‍ෂණ මතුවුවහොත් වෛද්‍ය උපදෙස් ගැනීම වඩා වැදගත් බවයි ඔහු අවධාරණය කරන්නේ.
කොවිඩ් 19 ආසාදිතයින්ගේ දෛනික වාර්තාවීම මේ වන විට 1000 ත්, 1300 ත් අතර අගයක පවතිනවා.


සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ මෙම සංඛ්‍යාව මීට වඩා ඉහළ අගයකින් සමාජය තුළ ආසාදිතයින් සිටිය හැකි බවයි

රැපිඩ් ඇන්ටිජන් පරීක‍ෂණ හෝ පී.සී.ආර්. පරීක‍ෂණවලට ලක් නොවී වෛද්‍ය උපදෙස් නොගෙන නිවෙස් ගතව රැඳී සිටීම මීට හේතුවී ඇති අතර ඇතැම් විට එම තත්ත්වය අවදානම් විය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here