කොවිඩ් ආසාදිතයින් 549 දෙනෙකු ඊයේ (28) හඳුනාගත් අතර දිස්ත්‍රික්ක 18කින් ආසාදිතයින් වාර්තා වී තිබේ.
තවදුරටත් වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර ආසාදිතයින් 237 දෙනෙකු ඊයේ හඳුනාගෙන ඇත.
දෙමටගොඩින් පමණක් ආසාදිතයින් 121 දෙනෙකු වාර්තා වූ අතර කිරුළපන, වැල්ලවත්ත, මරදාන, කොල්ලුපිටිය හා බම්බලපිටිය යන ප්‍රදේශවලින් ආසාදිතයින් වැඩි වශයෙන් හඳුනාගෙන තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින්ගේ වර්ධනයක් පෙන්නුම් කරන අතර ඊයේ හඳුනාගත් ආසාදිතයින් 124 දෙනා අතරට මහර, මීගමුව, ඒකල, ගම්පහ නගරය,ජාඇල හා බියගම ප්‍රදේශවලින් ආසාදිතයින් වාර්තා විය.
මීට අමරතව මහනුවරින් 44ක්, කළුතරින් 39ක්, කුරුණෑගලින් 20 ක්, අම්පාරින් 19ක් හා තවත් දිස්ත්‍රික්ක 12කින් ආසාදිතයින් 47 දෙනෙකු හඳුනාගැනුණි.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 41,603 දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේවෙතත් ඉන් සුවය ලැබූ සංඛ්‍යාව 33,221 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයින් 8,188 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි