Wednesday, January 15, 2025

දොස්තරවරැ අදත් වර්ජනයේ

සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර ලැබෙන තෙක් වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

අද (23) දිනයේ තවත් වෘත්තීය සමිති කිහිපයක් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහය දැක්වීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙරේදා දිනයේ සිට මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබේ.

වෛද්‍යවරුන්ගේ පත්වීම් සහ ස්ථාන මාරු සම්බන්ධයෙන් දේශපාලන අත පෙවීම් සම්පූර්ණයෙන් නතර කරන බවට සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් සහතිකයක් ලැබෙන්නේ නම් වැඩ වර්ජනය අතහැරීමට හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ දිනයේදී සඳහන් කරනු ලැබුවා.

මෙලෙස වැඩවර්ජනයක් සිදුවීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයා භාර ගත යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

කෙසේ නමුත් වෛද්‍ය වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනිමට පැමිණි ජනතාව දැඩි අසීරුතාවට පත්වී තිබෙන බවද වාර්තා වනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles