Saturday, September 21, 2024

දොස්තර සාෆි නැවත සේවයේ පිහිටුවීමට එරෙහිව කුරැණෑගල විරෝධතා

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ෂියාබ්දීන් මහතා නැවත සේවයේ පිහිටුවීම සහ හිග වැටුප් ගෙවීම සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරයා නිකුත් කර ඇති ලිපිය බල රහිත කරන්නැයි මහා සංඝරත්නය සහ මහජන යුතුකම් කේන්ද්‍රය ඉල්ලා සිටිති.

කුරුණෑගල නගරයේ පැවති විරෝධතාවකදී ඔවුන් මෙම ඉල්ලීම සිදු කරන ලදී.

අදාළ වෛද්‍යවරයා විසින් සිදු කළ මහා පරිමාණ මනුෂ්‍ය ඝාතනය පිළිබඳව චෝදනාව එල්ල වූ මුල් අවස්ථාවේ සිටම වගකිව යුත්තන් කටයුතු කළ ආකාරය වැරදි බව ද එම සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් සඳහන් කළහ.

කුරුණෑගල රෝහල ඉදිරිවේ පැවති විරෝධතාව සඳහා මහා සංඝරත්නය සහ වන්ද්‍ය කරනයට ලක් වූ බව කියන කාන්තාවන් පිරිසක්ද එක්වූහ.

දොස්තර ෂාෆි යළි සේවයේ පිහිටුවුවහොත් හෝ වැටුප් දුන්නොත් සෞඛ්‍ය ලේකම් වගකීම භාරගත යුතුයි – පාහියංගල ආනන්දසාගර හිමි..

මෙි අතර සිංහල මවුවරුන් වඳභාවයට ලක්කළැයි චෝදනා ලැබ සිටින වෛද්‍ය ෂාෆි සෙහාබ්දීන් මහතාට එරෙහිව පැවැත්වූ මූලික විමර්ශන වාර්තාවේ ඔහු වරදකරු බවට සඳහන්ව ඇති බවට තමන් වහන්සේට විශ්වාසදායී තොරතුරු ලැබී ඇතැයි සුරකිමු ශී‍්‍ර ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්දසාගර හිමියෝ පවසා සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles