ධම්මික පැණිය අපහාසයක්, නිග‍්‍රහයක්.. එය බොරු පැණියක්.. වහා එන්නත් ගෙන්වා ජනතාවට විදිනු..- සජිත්

0
954

රජය විසින් මේ වන විට කොරෝනා සඳහා බොරු පැණියක් ප්‍රවර්ධනය කරමින් ජනතා අවධානය වෙනතක යොමු කරමින් සිටින්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

කොරෝනා වසංගතයට මේ වන විටත් ලෝකයේ බොහෝ රටවල් එන්නත් ජනතාවට ලබා දීමට ආරම්භ කර ඇති බවත් මෙරටට එම එන්නත් ගෙන්වා ගැනීමට කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නැති බවත් ඔහු චෝදනා කරයි.

කොරෝනා නිසා මෙරට ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා ඇති ඇති වැටී ඇති බවත් එම ආර්ථිකය ගොඩ දැමීමට කිසිදු වැඩපිළිවෙළක් නැතැයිද මන්ත්‍රීවරයා කියා සිටියි.

මෙරට ආයුර්වේදට කළ හැකි ලොකුම අපහාසය, ලොකුම නිග්‍රහය මේ පැණිය බවත් රජය නියෝජනය කරන මැති ඇමැතිවරුන් ද එම පැණිය බීලා රටට පෙන්වන්නේ එය විසදුම ලෙස බවත් ඔහු කියා සිටියේය.

තිස්සමහාරාමයේ දී පැවති ජන හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී. (lankacnews)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here