කොවිඩ් වෛරසය මර්දනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් අත්හදා බැලූ දේශීය ඖෂධය ශරීරයට අහිතකර නැති බව පර්යේෂණ වාර්තා 3කින් තහවුරු කරගෙන තිබේ.
රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය හා සාමාන්තර විද්‍යා පීඨයේ ආචාරධර්ම සමාලෝචන කමිටුව විසින් ඒ බව අවධාරණය කරයි.
ආචාරධර්ම කමිටුව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සායනික පර්යේෂණයක් කිරීමට අවසර ලබාදීම පිළිබඳව කරුණු පැහැදිලි කර තිබුණි.
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය හා සාමාන්තර විද්‍යා පීඨයේ ආචාරධර්ම සමාලෝචන කමිටුව කොවිඩ් වෛරසය මර්දනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදන කළ දේශීය ඖෂධය හෙවත් “ශ්‍රී වීරභද්‍ර ධම්ම ප්‍රතිශක්ති ජීව පානය” කොඩිව් ආසාදිතයින් අතර සායනිකව පරීක්ෂා කිරීම සඳහා පමණක් කොන්දේසි සහිතව අනුමැතිය ලබා දීමට තීරණය කර තිබේ.
නමුත් එය කිසිසේත්ම ඖෂධයක් ලෙස පිළිගැනීමක් හෝ කොවිඩ් – 19 රෝගය සඳහා ප්‍රතිකාරයක් ලෙස පිළිගැනීමක් නොවන බවද එම කමිටුව අවධාරණය කර ඇත.
ඉහත සංයෝගය සායනික පරීක්ෂා කිරීමට ආචාරධර්ම සමාලෝචනය සඳහා යොමුකළ ඉල්ලුම්පත සලකා බැලීමට කමිටු සාමාජිකයින් 9 දෙනෙකුගෙන් සහ භාහිර විශේෂඥයින් දෙදෙනෙකුගෙන් සමන්විත අනු කමිටුවකක් මඟින් සිදුකළ අතර ආචාරධාර්මික හා තාක්ෂණික අඩුපාඩු මත මුල් අයැදුම්පත ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත් බව ආචාරධර්ම සමාලෝචන කමිටුව පවසයි.
සංශෝධන සහිත දෙවන අයැදුම්පත එම අනුකමිටුව මුලින් සමාලෝචනයට ලක්කිරීමෙන් පසු සියලු ගැටලු නිරාකරණය කිරගැනීමෙන් අනතුරුව කොන්දේසී සහිතව අනුමැතිය ලබා දීමට එම කමිටුව පියවර ගෙන තිබේ.
එමෙන්ම එම කොන්දේසි සඳහා අනුගත නොවන්නේ නම් ඉදිරියේදී ආචාරධර්ම අනුමැතිය ඉවත්කර ගැනීමට කමිටුව හැකියාව ඇති බවද එම කමිටුව විසින් නිකුත් කළ නිර්දේශවල සඳහන් වේ.
මෙම සංයෝගය ඖෂධයක් ලෙස දීර්ඝකාලීනව භාවිතාකර නොමැති අතර ආයුර්වේද හෝ වෙනත් පිළිගත් වෛද්‍ය ක්‍රමයකයට අයත් වට්ටෝරුවකට අනුව සෑදූවක්ද නොවන බැවින් ආයුර්වේද දෙපාර්තමේන්තු මඟින් එම සංයෝගයට ලබාදුන් ලියාපදිංචිය මත පදනම්ව මෙම පර්යේෂණ අයදුම්පත කමිටුව විසින් පිළිගත් බව ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය හා සාමාන්තර විද්‍යාපීඨයේ ආචාරධර්ම සමාලෝචන කමිටුව පවසයි.
එමෙන්ම උක්ත සංයෝගයේ නිෂ්පාදන ක්‍රියාවලිය මෙන්ම එම සංයෝගය සහ එහි සංඝටකවල ඖෂධීය වටිනාකම පිළිබඳව නිගමනයකට පැමිණීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව මඟින් පත්කළ විශේෂඥ කමිටුවේ වාර්තාවද පදනම් කර ගත් බව කමිටු නිර්දේශවල සඳහන් වේ.
එලෙසම එම සංයෝගය සඳහා යොදාගත් අමුද්‍රව්‍ය දීර්ඝ කාලයක් තිස්සේ අප රටේ ජනතාව භාවිතකරන ආහාරමය ද්‍රව්‍ය වන නමුත් සංයෝගයක් ලෙස ක්‍රියාත්මක වීමේදී හා නිෂ්පාදනය වීමේදී හානිකර රාසායනිකයන් නිපදවීමේ විභවයද එම කමිටුව මඟින් සැලකිල්ට ගෙන තිබේ.
ඒ අනුව කැලණිය විශ්වවිද්‍යාලීය රාසායන විද්‍යා දෙපාර්තමේන්තුව ලබාදුන් රාසායනික ප්‍රතිඔක්සිකාරක පිළිබඳව වාර්තාවත් කාර්මික පර්යේෂණ ආයතනය ලබාදුන් හානිකර ද්‍රව්‍ය පිළිබඳ ප්‍රමාණික වාර්තාවත් පදනම්ව මෙම සංයෝගය මනුෂ්‍ය පරිබෝජනය සඳහා හානිකර නොවන බවට නිගමනය කළ බවද එම කමිටුව නිකුත් කළ වාර්තාවේ සඳහන්ය.