ධම්මික බණ්ඩාරගේ නිවසට අදත් විශාල පිරිසක්

0
744

කොවිඩ් – 19 වෛරසයට එරෙහිව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ දේශීය ඖෂධය ලබා ගැනීම සඳහා අදත් (25) විශාල පිරිසක් ඔහුගේ නිවස අසළට රැස්වී ඇත.

අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ අලුයම 5.00 සිට ජනතාව පෝළිම්වල රැඳීසිටිමින් ධම්මික බණ්ඩාර මහතාගෙන් එම ඖෂධය ඉල්ලා සිටි බවය.

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ එම ඖෂධය අද ග්‍රාම නිලධාරීවරයා හරහා නිවෙස්වෙත ගොස් එම ප්‍රදේශයේ ජනතාවට ලබාදීමට පියවර ගෙන තිබූ අතර එම පුවත සැලවීමත් සමග මෙලෙස වෙනත් ප්‍රදේශවලින් විශාල වශයෙන් පිරිස් පැමිණ තිබුණි.

එහෙත් අදාළ පිරිස් වෙත එම ඖෂධය ලබාදීමට කටයුතු කර නොතිබුණු අතර දහවල් කාලයේදී 5000සක පමණ පිරිසක් එහි රැස්වී තිබේ. පසුව පොලීසිය පැමිණ පිරිස ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here