ධවල මන්දිරය ඉදිරිපිට තලේබාන් පාලනයට එරෙහිව විරෝධතා

0
346

ඇමරිකාවේ ධවල මන්දිරය ඉදිරිපිට දී ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය පිලිනොගන්නා ලෙස අන්තර්ජාතික ප්‍රජාවට බලකිරීමේ විරෝධතා ව්‍යාපාරයක් පවත්වා තිබේ.

විදෙස් වාර්තා සදහන් කළේ , ඇෆ්ගනිස්තානයේ ජාතික විරෝධතා පෙරමුණට සම්බන්ධ පිරිසක් මෙය සංවිධානය කර තිබූ බවයි.

තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්තානයේ මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වෙමින් ඇති බවත් , විශේෂයෙන් කාන්තා අයිතිවාසිකම් දැඩි ලෙස සීමා කර ඇති බවත් විරෝධතාකරැවෝ මෙහිදී කියා සිටියහ.

මෙම තත්වය තුළ එක්සත් ජාතීන් ලෙස හෝ රටවල් ලෙස තලේබාන් පාලනය පිළිනොගන්නා ලෙසත්,යම් හෙයකින් ඔවුන්ට පිළිගැනීමක් ලබාදීම යනු බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් පිළිගැනීම බවත් විරෝධතාකරැවෝ මෙහිදී අන්තර්ජාතික ප්‍රජාවට අවධාරණය කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here