ධීවර ඇමැති වහාම අස්විය යුතුයි- රාසමානික්කම්

0
459

ධීවර අමාත්‍යවරයාට ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට පැමිණීම වළක්වා ගැනීමට නොහැකි නම ඔහු ධීවර අමාත්‍යධුරයෙන් වහාම ඉල්ලා අස්විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් චානක්‍යන් මහතා පෙරේදා (17දා) යාපනයේදී පැවසීය.
ධීවරයින්ගේ අයිතිවාසිකම් සුරැකීම සදහා දෙමළ ජාතික සන්ධානය මුලතිව් සිට පේදුරුතුඩුව දක්වා සංවිධානය කළ විරෝධතාවයක් අවසානයේදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
ඉන්දීය ධීවරයින් උතුරු මුහුද ආක්‍රමණය කිරීමට එරෙහිව විරෝධය පල කිරීම සදහා කිළිනොච්චියේ සිට පේදුරුතුඩුව දක්වා ධීවරයින් දහසක් පමණ බෝට්ටු වල නැගී මුහුද ඔස්සේ ගමන් කරමින් මේ විරෝධතාවය දියත් කළේය.
පේදුරුතුඩුවේදී එම විරෝධතා බෝට්ටු ගමන අවසානයේ මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ උතුරේම ජීවත් වන පුද්ගලයෙකු ධීවර අමාත්‍යවරයා වී සිටියදී ඉන්දීය ධීවර ප්‍රශ්නයට විසදුමක් ලබා ගැනීමට ඔහු අපොහොසත් වී සිටීම කණගාටුදායක කාරණාවක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here