නටඹුන් මතුවෙන තැනටම කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ පතුලටම හිඳෙයි

0
282

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට තව දුරටත් පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට විදුලි උත්පාදනය සදහා ප්‍රධාන වහයෙන් ජලය සපයන කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් තවදුරටත් පහල බැස ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.

කාසල්රි ජලාශයේ ජල මට්ටම (01) දින උදැසන 6 වන විට පිටාර මට්ටම අඩි 155 සිට අඩි 84 දක්වා පහල බැස ඇති බවත්, මවුස්සාකැලේ ජලාහයේ පිටාර මට්ටම වන අඩි 120 සිට අඩි 66.5 දක්වා පහල බැස ඇති බවයි ජලාශ භාර ඉංජිනේවරුන් කියා සිටියේ.

ජල මට්ටම පහල බැසිමත් සමග එම ජලාශයන් ඉදි කිරිමේදි ජලයට යට වු නටබුන් රැසක් යලි මතුවෙමින් පවති.

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වලින් ලබා ගන්නා ජලයෙන් විමලසුරෙන්ද්‍ර , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පදන කටයුතු සිදු කරන අතර,කැනියොන් ජල විදුලි බලාගාරයට ජලය රැගෙන යන උමං මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම ජල විදුලි බලාගාරයේ මේ දිනවල විදුලි උත්පාදනය සිදු නොකරන බව එම ජල විදුලි බලාගාර ඉංජිනේරුවන් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here