නත්තල් උත්සවය එළඹීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ ගැටලු නිමා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.
සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබාදීමට පියවර ගනු ඇති බවයි මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ද සජිත් ප්‍රේමදාස මහතාට හිමි වනු ඇතැයි පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඉදිරි සති කිහිපය ඇතුළත කැඳවනු ලබන එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී මේ සම්බන්ධව ප්‍රකාශ කිරීමට නියමිතව ඇත.
ඉකුත් සතියේ පක්ෂ මූලස්ථානයට රැස් වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් විපක්ෂ නායක ධූරය සඳහා සජිත් ප්‍රේමදාස මහතා නම් කළ අතර ඒකමතිකව ඔහු ඒ සඳහා සුදුසු බව සම්මත වූහ.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක මතය වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා සජිත් ප්‍රේමදාස මහතා විය යුතු බවයි.