නත්තල් දිනයේදී මත්පැන් අලෙවිසල් විවෘත නොකරන බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ.ගුණසිරි මහතා කියා සිටී.
වෙසක් උත්සවයේදී මත්පැන් අලෙවිය තහනම් නම් නත්තලේදීත් එය තහනම් විය යුතු යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පසුගියදා පැවසූහ.
ආගම කියන්නේ සාද දැමීම හෝ මත්පැන් බී ජීවිත නාස්ති කරගැනීම නොවන බව කී කාදිනල්තුමා ආගම යනු උතුම් දෙයක් බව ද සඳහන් කළහ.