නම්බුකාර පරාජයක් සමග ශානකට ශතකයක්!

0
356

ශ්‍රී ලංකාව සමග පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 67කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වූවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව සිය පන්දු ඕවර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 373ක් රැස් කළා. එහිදී විරාට් කෝලී ලකුණු 113ක් රැස් කළා.

ලකුණු 374 ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි ශ්‍රී ලංකා පිල සිය පන්දු ඕවර 50 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 306ක් රැස් කළා.

නායක දසුන් ශානක පන්දු 88 කදී නොදැවී ලකුණු 108ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හයේ පහරවල් 3ක් සහ හතරේ පහරවල් 12ක් ඇතුලත් වුවා.

මීට අමතරව පැතුම් නිශ්ශංක ලකුණු 72ක් සහ ධනංජය සිල්වා ලකුණු 47ක් රැස් කිරීමට සමත් වුවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here