Thursday, January 23, 2025

නවලෝක රෝහල් සමූහය රෝගීන්ගේ , කාර්යමණ්ඩලයේ සහ අමුත්තන්ගේ ආරක්ෂාව සහ සුවපත් බව රැක ගැනීමට පියවර ගනී

ජාත්‍යන්තර මට්ටමේ සුවසේවාවක් සඳහා ආරක්ෂාකාරීව ප‍්‍රවේශ වීම සඳහා ඇති අවස්ථාවන් පුළුල් කරමින් මෙරට පුද්ගලික රෝහල් සේවාවේ ප‍්‍රමුඛතම රෝහල් සමූහය වන නවලෝක රෝහල් ජාලය සිය රෝගීන්ගේත්, කාර්යමණ්ඩලය සහ අමුත්තන්ගේ ආරක්ෂාව සහ සුවපත් බව රැකගැනීම සඳහා පියවර ගෙන ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යායතනයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශයන් මත පදනම් වෙමින් නිර්මාණය කළ සෞඛ්‍ය උපමානයන් දැඩිව ක‍්‍රියාත්මක කිරීමට නවලෝක රෝහල් සමූහය කටයුතු කර ඇති අතර රෝගීන්ගේ සහ අමුත්තන්ගේ ආරක්ෂාව සඳහා ජාත්‍යන්තර වෛද්‍ය සමීක්ෂණ ආයතනයන් විසින් නිර්දේශ කර ඇති ක‍්‍රමවේදයන් ප‍්‍රශස්ත ලෙස අධ්‍යනය කර එම ක‍්‍රමවේදයන් ක‍්‍රියාවේ යෙදවීමට නවලෝක රෝහල් සමූහය විසින් පියවර ගෙන ඇත.

‘‘ නවලෝක රෝහල් සමූහයේ ප‍්‍රමුඛතම අභිමථාර්ථය වන රෝගීන් , කාර්යමණ්ඩලය සහ ප‍්‍රජාව ආරක්ෂා කර ගනිමින් රෝහල් සේවා සමාන්‍ය අන්දමින් පවත්වාගෙන යෑම අතිශයින්ම වැදගත් වෙනවා. විශේෂයෙන්ම නිධන්ගත රෝගයන්ගෙන් පෙළෙන රෝගීන් සඳහා නිෂ්චිත කාලසීමාවක් තුල ප‍්‍රතිකාර අඛණ්ඩව පවත්වාගෙන යැම අත්‍යාවශ්‍ය වනවා. මෙම ගෝලීය වසංගත හේතුවෙන් රටක් සහ ශ‍්‍රී ලාංකිකයින් ලෙස මෙම රෝගයෙන් ආරක්ෂා වීම සහ රෝග ව්‍යාප්තිය පාලනයට සහාය දීමේ වගකීම පිළිබඳව ද අලූතින් සිතා බලන්නට සමාජය පෙළඹවූවා. විශේෂයෙන්ම මුඛ ආවරණ පැළඳීම, සමාජ දුරස්ථ බව පවත්වාගෙන යෑම , හොඳ සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යෑම තුළින් කෝවිඞ් වසංගතයට ගොදුරු නොවී සිටීමට හැකිවන බව පෙන්වා දී තිබෙනවා’’ යනුවෙන් නවලෝක රෝහල් සමූහයේ නියෝජ්‍ය සභාපති හර්ෂිත් ධර්මදාස මහතා පැවසීය.

කෝවිඞ් වසංගතයට ගොදුරුවූවන් සංඛ්‍යාව වැඩි වී ඇති තත්වයක් තුළ රෝහලේ සෑම අංශයකම සෞඛ්‍යාරක්ෂිත විධිවිධාන දැඩිව ක‍්‍රියාත්මක කිරීමට නවලෝක රෝහල් සමූහය කටයුතු කර ඇත. මේ අනුව රෝගීන්, අමුත්තන් සහ රෝහල් කාර්ය මණ්ලඩය සඳහා වෙන් වෙන් ව සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේදයන් ක‍්‍රියාවට නංවා ඇත. කෝවිඞ් 19 රෝග ලක්ෂණ ඇත්දැයි රෝහලට හෝ රසායනාගාරයන්ට පැමිණෙන සියලූ රෝගීන්, අමුත්තන්, සහ කාර්ය මණ්ඩලය නිරතුරුව පරීක්ෂාවට ලක් කිරීමත්, සියලූ අවස්ථාවන් වලදී රෝගීන්ට සහ අමුත්තන්ට මුව ආවරණ පැළඳීම සඳහා උපදෙස් දීම සහ රෝහල් කාර්ය මණ්ඩලය පුද්ගල ආරක්ෂණ උපාංග පැළඳ සිටීම අනිවාර්ය වීම මේ යටතේ පෙන්වා දිය හැක.

මුළු රෝහල් පරිශ‍්‍රයම සෑම පැය 2කට වරක් විශබීජ හරණයකට ලක්කෙර්. නවලෝක රෝහල් සමූහය විසින් ගෙන ඇති ඇතැම් ක‍්‍රියාමා්ග හේතුවෙන් ද රෝග ව්‍යාප්තිය දැඩි පාලනයකට නතු කර ගැනීමට හැකි ව තිබේ. විශේෂයෙන්ම නවලෝක රෝහල් සමූහය විසින් මෑතකදී හඳුන්වාදුන් තම රථයේ සිටම රසායනාගාර සහ චැනලින් සේවා ලබා ගැනීමේ පහසුව, නිවසටම පැමිණ සිදුකරන රසායනාගාර පරීක්ෂණ, නිවෙසටම ගොස් ලබා දෙන ඖෂධ, මෙන්ම ටෙලිහෙල්ත් පහසුකම් මගින් නිවසේ සිටම විවිධ රෝගාබාධ සඳහා ප‍්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව නවලෝක රෝහල් සමූහ විසින් ලබා දී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිර්දේශ කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් දැඩිව පිළිපැදීම සඳහා නවලෝක රෝහල් කාර්ය මණ්ඩලය දැඩි කැපවීමකින් කටයුතු කරන අතර ගෝලීය වසංගත රෝග තත්වයක් පවතින අවස්ථාවක වූවද එයින් වැළකී රෝගීන් සහ පොදුවේ ප‍්‍රජාව ආරක්ෂා කර ගැනීම සඳහා නවලෝක රෝහල් සමූහයේ සියලූ දෙනා විසින් ඉටු කරන මෙහෙවර ප‍්‍රශංසනීය බව මගේ අදහසයි’’යනුවෙන් හර්ෂිත් ධර්මදාස මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

නවලෝක රෝහලේ විශේෂඥ ප‍්‍රතිකාර මධ්‍යස්ථානය ^Speciality Center& ඉදිකිරීමත් සමග රෝහලේ එතෙක් පැවති තදබදයට විසඳුමක් වූ අතර සමාජ දුරස්ථභාවය පවත්වා ගත යුතු මෙවැනි අවධියක මෙම මධ්‍යස්ථානය සහඳහා සිදු කළ ආයෝජනය නවලෝක රෝහල් ඉහළ කළමනාකරණය ගනු ලැබූ දූරදර්ශී තීරණයක් බව පෙනී යයි. මෙම මධ්‍යස්ථානය වර්ග අඩි ලක්ෂ 4ක වපසරියකින් යුතු අතර විශේෂඥ වෛද්‍ය සේවා මධ්‍යස්ථානයන්ගෙන් සහ දැවැන්ත රථගාලකින් ද සමන්විත වේ. මෙහි ස්ථාපිථ සියලූ විශේෂඥ වෛද්‍ය සේවා ඒකකයන් සියලූ උපාංගයන් ගෙන සමන්විත අතර රෝගීන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කර ගනිමින් සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට උපරිම අන්දමින් ඉඩ සලසා ඇත. Speciality Center හි සෑම මහලකම ඖෂධ අලෙවි සැලක් සහ රසයනාගාරයකින් සමන්විත බැවින් රෝහල තුළ සැරිසැරීම අවම වන අතර වෛරස් රෝග පුද්ගලයකින් තවත් අයකුට බෝ වීමට ඇති අවස්ථා මුළුමනින්ම නවත්වා ගැනීමට හැකියාව ලැබී ඇත. මෙම විශේෂඥ සේවා මධ්‍යස්ථානය ගොඩනංවා ඇති ආකාරයට අනුව ගෝලීය වසංගතයක් පවතින මෙවැනි කාල වකවානුවක දී මෙම වෛරසයෙන් මිදී ආරක්ෂිතව දෛනිකව ප‍්‍රතිකාර සඳහා යොමු විය හැකි ප‍්‍රශස්තම ස්ථානය නවලෝක විශේෂඥ වෛද්‍ය සේවා මධ්‍යස්ථානය බව ස්ථිරව පැවසිය හැක. රෝගීන්. කාර්යමණ්ඩලය සහ අමුත්තන් ආරක්ෂා කර ගැනීම සඳහා හැකි උපරිම ආරක්ෂිත විධි විධාන මේ වන විටත් ක‍්‍රියාවට නංවා ඇත. මුව ආවරණ පැළඳීම , සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, පුද්ගල ආරක්ෂිත උපාංග පැළඳීම යනු කරුණු රෝහල තුළ අනිවාර්ය කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles