නවිල් එන්ටර්ප්‍රයිසස්, අයිඩියල් DAF ප්‍රයිම් මූවර් රථ මිලට ගනී

0
1281

අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලින් වෙල්ගම විසින් නවිල් එන්ටර්ප්‍රයිසස්හි කළමනාකාර අධ්‍යක්‍ෂ ප්‍රසික ත්‍රිමාල් මහතා වෙත DAF ප්‍රයිම් මූවර් රථ නිල වශයෙන් බාරදුන් අයුරු. ඒ අවස්ථාවට එක් වූ (ඡායාරූපයේ වමේ සිට) නවිල් එන්ටර්ප්‍රයිසස් සාමාන්‍යාධිකාරි ප්‍රභාත් කරුණාරත්න, ප්‍රධාන විධායක නිලධාරි චානක ගුණතිලක, අයිඩියල් ඔටෝමොබයිල් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි චාරු සෙනෙවිරත්න, මෙහෙයුම් කළමනාකරු ධම්මික ගුණදාස යන අය ඡායාරූපයේ වෙති.

යුරෝපීය වාහන මෙරටට ගෙන්වීමේ ප්‍රමුඛතම සමාගමක් වන අයිඩියල් ඔටෝ මොබයිල් පුද්ගලික සමාගම විසින් නවිල් එන්ටර්ප්‍රයිසස් ආයතනය වෙත DAF ප්‍රයිම් මූවර් රථ 6ක් පසුගියදා අලෙවි කරනු ලැබීය. හම්බන්තොට වරායේ ඉදිකර තිබෙන ලාෆ් ගෑස් අංගණයේ සිට කොළඹට ගෑස් ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රවාහන කටයුතු වෙනුවෙන් නවිල් එන්ටර්ප්‍රයිසස්, අයිඩියල් ඔටෝමොබයිල් පුද්ගලික සමාගම වෙතින් මෙම DAF ප්‍රයිම් මූවර් රථ මිලදී ගැනීම සිදු කෙරිණි. අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලින් වෙල්ගම විසින් නවිල් එන්ටර්ප්‍රයිසස්හි කළමනාකාර අධ්‍යක්‍ෂ ප්‍රසික ත්‍රිමාල් මහතා වෙත පසුගියදා මෙම DAF ප්‍රයිම් මූවර් රථ බාරදීම සිදු කෙරිණි. වර්ෂ 2005දී ආරම්භ කරන ලද නවිල් එන්ටර්ප්‍රයිසස් මේ වන විට තෙල්, ගෑස්, සිමෙන්ති, ගල්අඟුරු ප්‍රවාහනය හා ලංකා සතොස ආයතනයේ ප්‍රවාහන කටයුතුවල නිරතවී සිටී.

හම්බන්තොට වරායේ සිට කොළඹට ගෑස් ප්‍රවාහන සඳහා අවශ්‍ය ප්‍රවාහන කටයුතු වෙනුවෙන් අපට ප්‍රයිම් මූවර් රථ අවශ්‍ය වුණා.

යුරෝපීය ට්‍රක් රථ සහ වාහන මෙරටට ගෙන්වීමේ ප්‍රමුඛතම සමාගමක් වන අයිඩියල් ඔටෝමොබයිල් පුද්ගලික සමාගම අප ඒ සඳහා තෝරා ගත්තා යැයි මේ පිළිබඳව අදස් දක්වමින් නවිල් එන්ටර්ප්‍රයිසස් ප්‍රධාන විධායක නිලධාරි චානක ගුණතිලක පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here