Wednesday, September 25, 2024

නවීන යුධෝපකරණවලින් සමන්විත හමුදාවක්

පසුගිය පාලන සමයේදි යුද්ධය වෙනුවෙන් ගුවන් හමුදාවට ගුවන් යානා වෙනුවට යකඩ කෑලි ගෙනවිත් දුන් බවත් මුහුදේ යාමට හැකි නැව් වෙනුවට වෙරළේ යාහැකි නැව් ගෙනා බවත් ආරක්ෂක හමුදාවන්ට අවශ්‍ය නවින යන්ත්‍රෝපකරණ ගෙන්වීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අනුමැතිය ලබාදී ඇති බවත් අගමැතිවරයා පැවැසිය.

හමුදා බුද්ධි අංශයට ඕනෑම සුදුසු අයෙකු පත්කිරීමේ බලය හමුදාපතිවරයා සතු බවත් බුද්ධි අංශය වෙත නව නිලධාරියකු පත්කිරිම සම්බන්ධයෙන් තමන් ස්තූතිය පිරිනමන බවත් අගමැතිවරයා පැවැසීය. එමෙන්ම ලෝකයේ සෑම රටකම පාහේ බුද්ධි අංශ නොමැති අතර අවශ්‍ය ප්‍රමාණයට වඩා බුද්ධි අංශ වලට පිරිස් බඳවා ගැනිමෙන් එය ව්‍යාපාරයක් බවට පත්වන බවත් අගමැතිවරයා සඳහන් කෙළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ආරක්ෂක අමාත්‍යාංයේ වැය ශිර්ෂය වෙනුවෙන් අදහස් දැක්විමෙන් පසුව අගමැතිවරයා මේ බව සඳහන් කෙළේය.

රාජපක්ෂ රෙජීමය විසින් රටින් පිටමංකළ ‍මේජර් ජනරාල් මහේෂ් සේනානායක වැනි විරුවන් හමුදාව භාර යාපනයේ ආඥාපතිවරයා ලෙස වර්තමානයේදි කටයුතු කරන අතර හමුදාවේ නිලධාරීන්ට ගරු කරමින් විදෙස් සේවයේ තනතුරු පවා ලබාදි ඇති බවත් අගමැතිවරයා පැවසීය.වත්මන් රජය ආරක්ෂක හමුදාවට මෙලෙස සළකන විට සරත් ෆොන්සේකා මහතා වැනි විරුවන් ඇඳගෙන ගොස් සිරගත කළ අය රණවිරුවන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන බවද අගමැති වරයා සඳහන් කළේය. ලෝකයම පිළිගන්නා හමුදාවක් ඇතිකරන ජාත්‍යන්තර පුහුණුව පවා ලබාදීමට කටයුතු කර තිබියදී මෙලෙස දොෂාරෝපණය නොකළ යුතු බවත් අගමැතිවරයා පැවසීය.

එහිදි වැඩිදුරටත්අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා;- ආරක්ෂක ඇමති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ මේ රටට, අනාගතයට සුදුසු නවීන සන්නද්ධ හමුදා බිහි කරනවා.පසුගිය රජය, යුද්ධය කරද්දි ගුවන් හමුදාවට හොඳ ගුවන් යානා දුන්නේ නෑ. යුක්ක්‍රේනයෙන් ගෙනාවා යකඩ කෑලි ටිකක්. අපි අහනව මොකද වුණේ කියලා. ප්‍රථමවරට කැබිනට් මණ්ඩලය, ජනාධිපතිතුමා අනුමත කර තිබෙනවා, ඕනම සටනක යෙදෙන්න පුළුවන් යානා අරගන්න අවසර දී තිබෙනවා.

අපි මුහුදේ යන්න නැව් ගේන්නේ. වෙරළේ යන නැව් ගෙන්නේ නෑ. ගියවසරේ අපේ යුද හමුදාව නේපාලයට ගොස් උදව් කළා. අපේ යුද හමුදාව එක්සත් ජාතින්ගේ සාම හමුදා කටයුතු වලට මාල දිවයිනට යනවා. එදා කෙළේ මොනාද? එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ගිහින් සත්‍යග්‍රහ කළා.ඊට පස්සේ කුකුල් මස් කෑවා. දැන් අපි මාල දිවයිනට යනවා. මෙහෙම හමුදාවක් ඇති කළාම බනින්න එපා. අපි දැකලා තිබෙනවා ඉරාකයේ ජනතා සහාය නැති වුණ නිසා මොකද වුණේ කියලා.අපි යාපනයට ගියේ ත්‍රස්තවාදයෙන් ජනතාව බේරන්නයි.ජනතාවයි ත්‍රස්තවාදයයි එකට එකතු වුණොත් තමයි ශක්තිමත් වෙන්නේ. ඒක වෙන් කරන්න ඕන. මේ අය මාළු ගැන දන්නෙත් නෑ. වතුර ගැන දන්නෙත් නෑ. අද අපිට හැකි වී තිබෙනවා,ජනතා සහයෝගය එක්ක වැඩ කරන්න.අපි කනගාටු වුණා යාපනයේ තරුණයන් දෙදෙනාට වෙඩි වැදීම සම්බන්ධයෙන්. එම අවස්ථාවේ කැරැල්ලක් ඇතිවුණේ නෑ.දකුණේ වුණානම් කෝලහාලයක් වෙන්න තිබුණා.මා කියන දේට පිළිතුරු දෙන්න බැරුව කෑ ගහනවා.

( විපක්ෂයෙන් බාදා)

අද යාපනයේ හමුදාව පාලනය කරන්නේ මහේෂ් සේනානයක ජෙනරාල්තුමයි. එතුමා රාජපක්ෂ රෙජීමයෙන් පිටකළා.එතුමා පලපුරුද්දක් තිබෙන නිලධාරියෙක්.නවීන ආරක්ෂක හමුදාවක් හා යුද හමුදාවක් අපි සකස් කරගෙන යනවා. ඒකට බය වී කෑගහන්නේ. සරත් ෆොන්සේකා ඇදගෙන ගිහින් හිරේ දැම්මා. හමුදාව තමුන්නාන්සේලා සමඟ නෑ. බුද්ධි අංශයට දාන්න ඕන දක්ෂ නිලධාරියෙක්. යුද හමුදාව නිලධාරීන් වෙනස් කරනවා. අපේ හමුදාපති ගත් තීරණය නිවැරැදියි. හමුදාපතිට අපි ප්‍රසංසා කරනවා. යුද්ධය කළ නිලධාරීන් රටට සේවය කළා. මේ අයගේ කාලය දීර්ඝ කළොත් පහළ සේවයේ ඉන්න අයට ඉහළට එන්න අවස්ථාවක් නෑ.හැම යුද හමුදාව වයස සීමාව අනුව පිට වී යනවා. ඉරාකයේ තානාපති සේවයේ හමුදා නිලධාරීන් ඉන්නවා.අපි හදන්නෙ හැම අතින්ම නවීන යුද්ධ හමුදාවක්. සරත් ෆොන්සේකා ඇඳගෙන ගියා. අද මොකද කිඹුල් කඳුලු හළන්නෙ.හැම හමුදාවෙම බුද්ධි සේවයක් නැහැ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles