Friday, January 24, 2025

නවෝත්පාදන ආර්ථිකයකට දොරටු විවරවේ

නව තාක්ෂණය සහ පර්යේෂණ යොදා ගනිමින් වැඩි විදේශ විනිමයක් රටට රැගෙන එන නවොත්පාදන ආර්ථිකයක් කරා රට රැගෙන යන අයවැය යෝජනා ක්‍රියාත්මක කළ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා ප්‍රකාශ කරයි.

මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් වසර 2016 අයවැය ඉදිරිපත් කරමින් නවෝත්පාදන ආර්ථිකයක් සඳහා පර්යේෂණ සහ සංවර්ධනය මැයෙන් කළ යෝජනා ‍මේවනවිට ක්‍රියාවට නැංවීම ඇරඹී ඇතැයි ද මුදල් ‍ෙල්කම්වරයා පැහැදිලි කළේය.

ශ්‍රී ලංකාවේ විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍ර‍ෙය් කර ඇති ආයෝජන ප්‍රමාණය රටේ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනයට සමගාමීව පවත්වා ගැනීමට අප සමත් වී නැතැයි කී ලේකම්වරයා උසස් තාක්ෂණයකින් යුතු නිෂ්පාදන අපනයනයන්ගේ වටිනාකම එකතු කිරීම අනෙකුත් සංවර්ධිත කාර්මික රටවල පවතින සීයයට 50 – සීයයට 75 පමණ අගයට සාපේක්ෂව එය ශ්‍රී ලංකාවේ සීයයට 0.9ක් වැනි පහළ අගයක් පවතින බව පෙන්වා දුන්නේය.

එපමණක් නොව පේටන්ට් බලපත්‍ර හා පර්යේෂණ මත පදනම්ව සේවා සපයනු ලබන කර්මාන්තවලින් අපගේ ආර්ථිකයට දක්වන දායකත්වය ද ඉතා පහළ මට්ටමක පවතිනවා. නවෝත්පාදනය මඟින් මෙහෙයවනු ලබන ආර්ථිකයක් අපට ළඟා කර ගැනීමට නම් මේ තත්ත්වය ඉතා ඉක්මනින් වෙනස් කරන්න ඕනෑ.”

අපි වසර 2020 වනවිට අපගේ අපනයනවලින් අවම වශයෙන් සීයයට 10ක් වත් ඉතා උසස් තාක්ෂණය යොදාගෙන නිෂ්පාදනය කරනු ලබන නව නිෂ්පාදන විය යුතු යි කියන ඉලක්කයට අපි ළඟාවෙන්න ඕනෑ” යැයි ආචාර්ය සමරතුංග මහතා විස්තර කළේය.

මෙන්න මේ අවශ්‍යතාවය ජය ගන්නට තමයි මුදල් ඇමැතිවරයා 2016 අයවැයෙන් නව යෝජනා ගෙනාවේ. එක් යෝජනාවක් තමයි විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයක් පිහිටුවීම. ජාතික නවෝත්පාදන මෙන්ම ජාතික තේමා මූලික පර්යේෂණ වැඩසටහන ජාතික විද්‍යා පදනම මඟින් ක්‍රියාත්මක කිරීම.

මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් රටේ ආර්ථික සංවර්ධනය සමාජ සාධාරණත්වය, පාරිසරික තත්ත්වය සුරුකීම, මුල්කොට සිදුවෙනවා. තිරසාර සංවර්ධනයක් ඇති වෙනවා.

මේ යෝජනා ක්‍රියාත්මක කිරීමට අරමුදල් අවශ්‍යයයි. ඒ සඳහා අයවැයෙන් චක්‍රීය අරමුදලක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කළා. විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය යටතේ නවෝත්පාදන වේගවත් කිරීමේ අරමුදල කළමනාකරණය කරනවා. අපි මේ අමාත්‍යංශය යට‍ෙත් ජාතික නවෝත්පාදන මධ්‍යස්ථානයක් පිහිටුවීමට යෝජනා කළා. මේ සඳහා මූලික ප්‍රාග්ධනය ලෙස රුපියල් මිලියන 100ක් ලබාදීමට කටයුතු කළා. ඉදිරි අවුරුදු තුනක කාලය ඇතුළත තවත් රුපියල් මිලියන 3000ක් ලබා දීමට නියමිතයි.

මේ අන්දමේ පහසුකම් ලබාගෙන ඉදිරියට එන නවෝත්පාදන අවසානයේ දී ලාභ ලබන වාණිජ නිෂ්පාදන ලෙස පත් කිරීම රජයේ අරමුණයි.විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණලේකම් කාර්යාලය මඟින් එවැනි සාර්ථක වාණිජ නිෂ්පාදන ව්‍යාපෘති 25ක් හඳුනාගෙන තිබෙනවා.

මෙම නවෝත්පාදන වාණිජ ව්‍යාපෘති සඳහා අර්ධ බදු සහන මෙන්ම අධිතාක්ෂණික උපකරණ ක්ෂයවීමට ලබාදෙන කාලසීමාව අඩු කිරීම වැනි සහන ලබා දීමට කටයුතු කරනවා.

ශ්‍රී ලංකාවේ අපනයන සඳහා ඉහළ ඉල්ලුමක් ඇති කිරීමට අගය එකතු කළ පිළිගත් වෙළඳනාම සහිත විදේශයන්හි ලියාපදිංචි කළ වෙළඳාම තිබෙන්න ඕනෑ. ඒවායේ වෙළඳ නාම ලබා ගැනීම විශාල වියදමක් දරන්න වෙන දෙයක්. මේ වියදම අඩු කිරීම සඳහා ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ අන්තර්ජාතික කාර්යාංශය මඟින් පාලනය කරන වෙළඳ ලකුණු ලියාපදිංචි කිරීමේ මැඩ්රිඩ් ක්‍රමවේදයේ සාමාජිකත්වය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට යෝජනා කොට තිබෙනවා. මෙම සාමාජිකත්වය ලබා ගැනීමට හා පහසුකම් සැපැයීමට හා අදාළ භෞතික හා මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 100ක් අයවැයෙන් වෙන් කළා.

ශ්‍රි ලාංකික නව නිපැයුම්කරුවන්ට අන්තර්ජාතික පේටන්ට් අයිතීන් ලබාගැනීමේ ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීමටත් ඉල්ලුම්පත් ලෝක ව්‍යාප්තව ප්‍රවර්ධනය කිරීම සඳහාත් යෝජනා කළා. නව නිපැයුම්කරුවන්ට මේ බලපත්‍රය ලබා ගන්න අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික සභාය වැඩිදියුණු කරගැනීමට සහ වියදම් ලබාදීමට රජය සූදානම්. අපි ඇ‍මෙරිකානු ඩොලර් ලක්ෂයක උපරිමයකට යටත්ව ඒ වියදම් ලබා දීමට ඉදිරියේ දී කටයුතු කරනවා යැයි ආචාර්ය සමරතුංග මහතා ප්‍රකාශ කළේය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles