නව ඉන්දීය ගුවන් හමුදාපතිට ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිගෙන් සුභාශිංසන

0
348

නව ඉන්දියානු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් වීආර් චෞදාරි මහතා හට ගුවන් හමුදාපති තනතුරට පත්විම සහ එයාර් චීෆ් මාර්ෂල් නිලයට උසස් විම පිළිබඳ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සිය උණූසුම් සුභපැතුම් පිරිනමයි.  

ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයා ඊයේ(03) දුරකථන ඇමතුමක් මගින් මෙලෙස සුබ පැතුම් එක් කර ඇත.එහිදි ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා තවදුරටත් අවධාරණය කර සිටියේ එතුමන්ගේ නායකත්වය යටතේ අනාගත අභියෝග ජයගනිමින් ඉන්දීය ගුවන් හමුදාව සාර්ථකව ඉහල තලයකට ගෙන යාහැකි බවයි.  

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඉන්දියානු ගුවන් හමුදාවේ අන්නෝන්‍ය සම්බන්ධතා තවදුරටත් වැඩිදියුණු කිරිම, ඒකාබද්ධ මෙහෙයුම් මගින් කලාපයේ ගුවන් ආරක්ෂාව තහවුරු කිරිම සහ සමුද්‍රීය ආවේක්ෂණ කටයුතු සිදුකිරිම සම්බන්ධයෙන් මෙහිදි වැඩිදුරටත් සාකච්ඡා කර තිබේ.

දිනමිණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here