නව ක්‍රිකට් කාල සටහන

0
392
ලබන 13 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ ඉන්දියා – ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලිය මේ මස 18 වැනිදා දක්වා කල් දැමූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ අංශය භාර පුහුණුකරු සහ දත්ත විශ්ලේෂකයෙකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙනි.

එක්දින තරග 03ක් සහ පන්දුවාර 20යි 20 තරග 03ක් මෙම තරගාවලියට ඇතුළත් වේ.

තරගාවලියේ සියලු තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවත්වීමට නියමිතය.

ඒ අනුව නව තරග කාල සටහන මෙසේය.

🏏 එක්දින තරගාවලිය

01වන තරගය – ජූලි 18 (දිවා/රාත්‍රී)
02වන තරග⁣ය – ජූලි 20 (දිවා/රාත්‍රී)
03වන තරග⁣ය – ජූලි 23 (දිවා/රාත්‍රී)

🏏 පන්දුවාර 20යි 20 තරගාවලිය

01වන තරගය – ජූලි 25 (රාත්‍රී)
02වන තරගය – ජූලි 27 (රාත්‍රී)
03වන තරගය – ජූලි 29 (රාත්‍රී)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here