නව කැලණි පාලමේ ඉදිකිරීම් හේතුවෙන් මාර්ග තදබදයට විකල්ප මාර්ග හදුන්වාදෙයි

0
318

නව කැලණි පාළමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් පවතින මාර්ග තදබදය අවම කිරීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට රියදුරන්ගෙන් සහ ජනතාවගෙන් පොලීසිය ඉල්ලීමක් කරනවා.

ඒ අනුව කොළඹට ඇතුළුවීම සඳහා නුවර මාර්ගයෙන් පැමිණෙන වාහන බේස්ලයින් මාර්ගය භාවිතා නොකර නවලෝක වට රවුම හරහා තොටළඟ හන්දිය, වේල්ස් කුමාර මාවත හෝ බ්ලුමැන්ඩල් පාර භාවිතා කළ හැකියි.

මීට අමතරව මීගමුව පාරෙන් පැමිණෙන රථ වාහනවලට කදිරාන පාළම, අලුත් මාවත ඔස්සේ කොළඹට ඇතුළු විය හැකි බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

එමෙන්ම පරණ අවිස්සාවේල්ල මාර්ගය දෙසින් පැමිණෙන වාහනවලට ස්ටේස් පාර, කොස්ගස්හන්දිය, ලෙයාර්ඩ්ස් බ්‍රෝඩ්වේ මාර්ගයෙන් වේල්ස් කුමර මාවත ඔස්සේ කොළඹට පැමිණීමේ හැකියාව පවතිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here