නව කොවිඩ් ප්‍රභේදයක් ජපානයෙන් හමුවේ

0
397
Corona virus test kit - Swab sample for PCR DNA testing

නව කොවිඩ් ප්‍රභේදයක් ජපානයෙන් සොයා ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම නව ප්‍රභේද ජපානයේ ටෝකියෝ හි විදෙස් සංක්‍රමණික මධ්‍යස්ථානයක සිටින සංක්‍රමණිකයින් 44කට, නැගනහිර ජපානයේ කාන්ටෝ ප්‍රදේශයේ 91 දෙනෙකුට සහ ගුවන් තොටුපොළවල් වලින් හමුවූ දෙදෙනෙකුට වැළඳී තිබූ බවයි.

මෙම නව වෛරස් ප්‍රභේදය ඉතා ඉක්මනින් ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතින අතර දේශීය වශයෙන් එය සිදුවුහොත් රෝගීන් වාර්තා වීම අසාමාන්‍ය ලෙස ඉහළ යා හැකි බවයි ජපාන කැබිනට් ලේකම්වරයා වාර්තාකරුවන් හමුවේ ප්‍රකාශ කර සිටියේ.

ජපානයෙන් වාර්තා වූ වෛරස් ප්‍රභේදයන්ට වඩා මෙය වෙනස් එකක් බවයි ජපානයේ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

ෆින්ලන්තයෙන් ද ජානමය වෙනසක් ඇති කොවිඩ් ප්‍රභේදයක් හඳුනා ගැනීමට සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here